මටමයි වෙන්නේ..

ඔන්න දැක්කනේ මගෙ කම්මැලිකම.. මැයි මාසේට පස්සෙ අද තමයි තව post එකක් දාන්න හිතුනේ.. ම්ම්ම්ම්.. ඇත්තම කියනවානම් හිත හොඳින් නෙමෙයි ඉන්නේ..  mid exam, repeat exams, assignments, lab reports etc..ඔක්කොම ගොඩ ගැහිල මේ සති දෙකේ.. තව පුන්චි පුන්චි සහ ගොඩාක් ලොකු හිත් රිදීම් එක්ක..වෙලාවකට හිතෙනවා ජීවිතෙ බැඳීම් අඩුවෙන එක හොඳයි කියලා.. එත් හැමදේම බෙදාහදාගෙන පුරුදු වෙලා එවායින් අයින් වෙන්න එවා අමතක කරන්න කල් ඕනී..  කාලය ඉක්මනට යනවනම් හොඳයි කියල හිතුනට එක පැත්තකින් ජීවිතේ වෙනත් දේවල් වලට කාලය ඕනී.. දැන් නම් ගොඩාක් එපා වෙලා තියෙන්නෙ.. වැඩ ඔලුවටත් උඩින් ගොඩ ගැහිලා තිබුනට එක වැඩක්වත් ඉවර කරගන්න හිතට නිදහසක් නැහැ.. කමක් නැහැ ජීවිතෙ හැමදාම එක වගේ නැහැනෙ..  ගෙදර හිටියානම් ටිකක් හරි හොඳයි.. එක්කෙනෙක් ඉන්නවනේ ප්‍රශ්න අහන්නෙ නැහැ.. කරදර කරන්නේ නැහැ.. දුකේදි සැපේදි ලඟින් ඉන්නවා.. 






ඔය ඉන්නේ මගේ සූටි බූටි ලියෝන්..   දැන් අවුරුදු තුනාමරාක්  වෙනවා.. මෙයා කරල තියෙන වැඩ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. නිවාඩුවක් ලැබුනහම හෙමින් සැරේ රස කතා ටිකක් දාන්නම්.. දැන්නම් නිදිමතයි.. 

කම්මැලිකමට පාඩමක්..

මගේ තියෙන නරක පුරුද්දක් තමයි මොකක් හරි දෙයක් කරන්න අන්තිම මොහොත වෙනකන් ඉන්නවා.. Smileyඕකෙන් මට වෙච්ච පාඩුවක් තමයි දැන් මේ කියන්න යන්නේ


 අපිට exam ඉවර වුනා ගිය සතියේ.. කාලෙකට පස්සෙ ගෙදරත් ගියා.. බොහොම සතුටින් නිකරුනේ කාලය ගෙවලා දැම්මා.. අද තමයි අපේ 
viva එක තිබුනේ .. මම project එක කලින් කරල තිබුනෙත් බාගෙට.. ඉඳලා ඉඳලා ඊයේ තමයි ඒක open කරලා බැලුවේ.. අපොයි දෙයියනේ නවත්තපු තැනවත් මතක නැහැ.. celebrity fashion galleryකොහොම හරි හවස් වෙද්දි ටිකක් අත පත ගාල තමයි වැඩෙ අල්ලගත්තෙ.. ඔන්න ඉතින් දැන් වැඩේ කරන් යනවා.. රෑ 11ටත් කිට්ටුයි.. තව ගොඩක් තියෙනවා.. හැබැයි උදේම නැගිට්ටොත් ගොඩ දාගන්න පුලුවන් කියල දන්නවා.. මොකද viva එක තියෙන්නේ උදේ 10.00ට.. Smiley alarm එක තිබ්බා 1.30ට නැගිටිනවා කියලා නිදගත්තා..


ලස්සන හීන ටිකකුත් දැකලා ඇස් ඇරලා බලද්දි එලිය වැටිලා.. smileys බොක්ක කූල් වුනා.. මොකෙන් පටන් ගන්නද කියල හිත ගන්න බැහැ.. යාලුවෙක්ට කරලා කොහොම හරි ඊයේ කරපු coding වල වැඩ නොකරන දෙක තුනක් හදල  report එක ලියන්න පටන් ගත්තා.. ඇත්තම කියනවනම් ගිය අවුරුද්දේ report එකකින් copy කිරීමක්. .war smileys කොහොම හරි 9.15ට විතර විශෙෂ යාලුවෙක් call කරලා අහනවා (scuba diving in menorca) viva එක කීයටද කියලා.. මම කිව්වා 10ට කියලා.. එතකොට එයා කියනවා  පොඩ්ඩක් check කරන්න කියලා.. මම ආපහු  schedule එක බලද්දි මෙන්න බොලේ අපිට තියෙන්නේ 9ට.. footballer pictures මට තරු විසික් වුනා.. මූන හේදුවෙත් නැහැ අහුවුනු ඇඳුමක් දාගත්තා ගියා.. යන ගමන් යාලුවන්ට call කරා කවුරුත්  answer කරන්නේ නැහැ.. යන්තම් බහින්න ලo වෙද්දි එක්කෙනෙක් answer කරා.. බැලින්නන් එයාලත් හිතලා තියෙන්නේ 10ට කියල.. adult smileysතවම report එකේ print out ගන්නව මටත් එන්න කියලා... ලොකේ තියෙන slowම machine තිබුනෙ එ communication එකෙයි කියල මට එවෙලෙ හිතුනේ.. ඊට පස්සේ මිස්ට කියලා කොහොම හරි ශේප් කරන් ඊටත් පැයකට විතර පස්සේ අපිව ඇතුලට ගත්තා.... ලකුණු නම් අඩුයි.. එත් ඒ වෙලාවේ හැටියට සැහීමකට පත් වෙන්න පුලුවන්..scuba diving in menorca

Saturday evening..

Hiii !!..   I'm 21 years old girl from Sri Lanka.. Im currently pursuing my higher studies in Information Technology..By the way Im away from my home and I miss my family a lot. :(  Though I owned a blog sometime ago I couldn't keep updating it since I was bit busy with my studies and other stuffs... So I thought to start all over again with a new blog (with a new life).. I know blogging needs passion and a lot of dedication..   I will share my thoughts, dreams and memories as time permits..  Well.. Im having my exams during these days and another 10 days to go with 3 subjects.. Im bit stressed, exhausted and tired but counting days for 2 months holiday after the exam.. Hmmm.. Im not gonna write that much today and gonna keep the fullstops looking forward with happy blogging.. :)

P.S.- I forgot to mention that today is Vesak day and even I couldn't go to the temple or observe sil..  But thaththa (dad) promised me to take me to see vesak thoran and koodu (pandols and lanterns) within this week :)