මටමයි වෙන්නේ..

ඔන්න දැක්කනේ මගෙ කම්මැලිකම.. මැයි මාසේට පස්සෙ අද තමයි තව post එකක් දාන්න හිතුනේ.. ම්ම්ම්ම්.. ඇත්තම කියනවානම් හිත හොඳින් නෙමෙයි ඉන්නේ..  mid exam, repeat exams, assignments, lab reports etc..ඔක්කොම ගොඩ ගැහිල මේ සති දෙකේ.. තව පුන්චි පුන්චි සහ ගොඩාක් ලොකු හිත් රිදීම් එක්ක..වෙලාවකට හිතෙනවා ජීවිතෙ බැඳීම් අඩුවෙන එක හොඳයි කියලා.. එත් හැමදේම බෙදාහදාගෙන පුරුදු වෙලා එවායින් අයින් වෙන්න එවා අමතක කරන්න කල් ඕනී..  කාලය ඉක්මනට යනවනම් හොඳයි කියල හිතුනට එක පැත්තකින් ජීවිතේ වෙනත් දේවල් වලට කාලය ඕනී.. දැන් නම් ගොඩාක් එපා වෙලා තියෙන්නෙ.. වැඩ ඔලුවටත් උඩින් ගොඩ ගැහිලා තිබුනට එක වැඩක්වත් ඉවර කරගන්න හිතට නිදහසක් නැහැ.. කමක් නැහැ ජීවිතෙ හැමදාම එක වගේ නැහැනෙ..  ගෙදර හිටියානම් ටිකක් හරි හොඳයි.. එක්කෙනෙක් ඉන්නවනේ ප්‍රශ්න අහන්නෙ නැහැ.. කරදර කරන්නේ නැහැ.. දුකේදි සැපේදි ලඟින් ඉන්නවා.. 






ඔය ඉන්නේ මගේ සූටි බූටි ලියෝන්..   දැන් අවුරුදු තුනාමරාක්  වෙනවා.. මෙයා කරල තියෙන වැඩ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. නිවාඩුවක් ලැබුනහම හෙමින් සැරේ රස කතා ටිකක් දාන්නම්.. දැන්නම් නිදිමතයි..